Lyrics
අඳුරු කුටිය තුල - දොරඟුලු ලාගෙන
ගයන ගීතිකා - යදින යාතිකා
දෙවියන් හට නෑසේ...
ඒ...දෙවියන් හට නෑසේ
පොළව කොටන තැන - පාර තනන තැන
ගිනියම් අව්වේ - මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
දෙවියෝ වැඩ ඉන්නේ...
බලන් කඩතුරා හැර දෑසේ..
බලන් කඩතුරා හැර දෑසේ..
සිනිදු සුනැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැහි හිරිගත පළදා
දෙවියන් රුව දක්නට හැක්කේ...
ආ...ආ...ආ....ආ...........
අඳුරු කුටිය තුල....//
කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
ගතනැඟි දාදිය සුවදින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ...
ආ...ආ...ආ....ආ...........
අඳුරු කුටිය තුල....//
ගායනය - ටී. එම්. ජයරත්න
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
පද රචනය - ප්‍රේමදාස ශ්‍රී අලවත්ත
Song Details
- Sinhala Title
- අඳුරු කුටිය තුල දොරඟුලු ලාගෙන
- English Title
- aduru kutiya thula
- Artist
- ටී. එම්. ජයරත්න
ටඑ
Artist
ටී. එම්. ජයරත්න
View all songs →