සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ

sinasenna bene

Lyrics

හැගුම් මත් කලා ඉනුරා දෑසේ මායා නැගු මල් සිනා හද පුරා සුවඳ දීලා ඉගිලී ගියාදෝ සයුරෙන් එහා දුර යන්නෙ හැංගෙන්නෙ මගෙ හිත දවාලා සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ කොහෙදෝ මා දමා ඉගිලුනේ // නිල්වන් ගැබේහි සඳ හැංගුනාසේ ඔබ එයිද ආයේ දෑස පේන මානයේ මල පරවුනා සේ නොපිපෙද ආයේ හද රැදුන සිහිනේ බොඳවේද මාගේ හදවිලම සනසන්න දුක මාගෙ නිවාලා සිනාසෙන්න බෑනේ // සංසාර හීනේ ඔබ නේද මාගේ මේ පෙම් කතාවේ ගිනි ඇවිලුනානේ හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ ගිනි දැවෙන ලෝකයේ මං තනිවෙලානේ මුණගැහුන තැන තාම මම ඉන්නවා සිනාසෙන්න බෑනේ //

Song Details

Sinhala Title
සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
English Title
sinasenna bene
රස

Artist

රොමේෂ් සුගතපාල

View all songs →

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ (sinasenna bene) | Tediya Lyrics