අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්

ayarin josapin

Lyrics

අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින් අතරින් පතරින් නටයිද කැතරින් පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින් වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින් වියෝලෙ මා සනසන වියෝලේ වියොලේ ඔබ මගෙ අතෙ මෙවේලේ ඔබේ මිහිරි නදට නිදැල්ලේ නැලවේ ළදරුවො රන් තොටිල්ලේ වියොලේ ඔබව නෑ මා හැර ගියේ සංගීත සාස්තරේ කුමාරියේ විනෝදේ ඔබනේ සුර ලියන්ගේ වියොලේ වියෝලෙ මාගේ වියොලේ වියෝලෙ මාගේ අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්... ගේනා නාදෙට දෙව් සුර ලියන් ඇසුවානේ ගුත්තිල පණ්ඩිත වට කරන් නිරිඳුන් බිසෝවරුන්ද මනු දනන් ආවානේ ඔබෙ තරගෙට දුර සිටන් මිහිරී ගීත නාද ලියන්ගේ ඇසිලා සිත් වැදුණ කුමර දනන්ගේ නාදේ මහළු වුණත් අනර්ගේ වියොලේ වියෝලෙ මාගේ වියොලේ වියෝලෙ මාගේ අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්... බාලෙදි ඔබට බැන්ද ආදරේ මේ කාලේ සිට සිතෙන් මාගෙ නොම හැරේ සිතේ ඇතිවෙන දුක් කරදරේ ඔබගේ එක තාලයකට මග ඇරේ මාගේ අවසාන මොහොත වෙලාවේ නාදේ කුමටද මට නලාවේ හමුවෙමු අපි දෙන්නා සුවර්ගේ වියොලේ වියෝලෙ මාගේ වියොලේ වියෝලෙ මාගේ ගායනය - සමන් ද සිල්වා මුල් ගැයුම, සංගීතය, ගී පද - වොලී බැස්ටියන්

Song Details

Sinhala Title
අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්
English Title
ayarin josapin
සද

Artist

සමන් ද සිල්වා

View all songs →

අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින් (ayarin josapin) | Tediya Lyrics