කන්තෝරුව කන්තෝරුව

kanthoruwa

Lyrics

කන්තෝරුව කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මා හට ඇති විනෝද උයන ගී ගයමින් නිතරම මා සතුටින් සිටින කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන මම වැඩට යන්නෙ දවල් දහය පහු වෙලා මගෙ යාළුවො ඇත මා එනතුරු පුල පුලා අපෙ ලොකු මහත්මය එන වෙලාව බල බලා මම ගී ගයනව මිතුරන් හා එක්වෙලා මම වැඩ කරනව කියාල කන්තෝරුවෙ මගෙ මේසෙ ළඟින් ඉඳගෙන මගෙ යාළුවෙ තේ වෙලාව එනතුරු මගෙ පාඩුවෙ කටු ගැන ගැන ඉන්නව ඔරලෝසුවෙ පාටියකට යන්නට මට හිතුනොතින් කන්තෝරුව ඇරෙන වෙලාවට කලින් මගෙ මිතුරන්ගෙන් ලැබෙන්නාවු උදව්වෙන් මම පැනල ගෙදර යනවනෙ ලොක්කට හොරෙන් පැනල ආ නමුත් මගෙ වැඩ හරියට මගෙ යාළුවො ටික කරල තියයි නූලට දවසක් අසුවෙන්න ගිහින් ලොක්කට බේරුණෙ මම පූරුවෙ ලොකු පිනකට පඩි දින හැර අනිත් දවස් බල බලා මම වැඩට යන්නෙ තේ වෙලාව අල්ලලා තේ බී එනකොට මම වැඩපොල බලා දහවල් කෑමට යන්නට සිදු වෙලා කෑම පැයට ටිකක් නිදාගන්නවා ඇහැරෙනකොට සවස් වෙලා තිබෙනවා එවිට මෙ මට වැඩ කරන්න හිතෙනවා නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා

Song Details

Sinhala Title
කන්තෝරුව කන්තෝරුව
English Title
kanthoruwa
ඇජ

Artist

ඇන්ටන් ජෝන්ස්

View all songs →