Lyrics
මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවන බව දැන උන්නේ
ඔබ සමුගෙන බව මා තනිවුණු බව
බස් නැවතුම තව නෑ දන්නේ
ඉස්සර හවසක මා එනතුරු ඔබ
මෙතැනම හිටියා දෙනෙත් අයා
එකම රියක නැග එකම අසුනෙ හිඳ
ගිය හැටි මතකයි තවම එදා
මේ බස් නැවතුම.....
ප්‍රේමය නිමවුණු මා අද තනියම
මෙතැනින් රියකට ගොඩ වෙනවා
ඒ රියහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම අසුනෙ ඉඳගෙන යනවා
මේ බස් නැවතුම.....
Song Details
- Sinhala Title
- මේ බස් නැවතුම පෙර හැම දිනකම
- English Title
- me bus newathuma
- Artist
- පුන්සිරි සොයිසා
පස
Artist
පුන්සිරි සොයිසා
View all songs →