Lyrics
මන්නාරම් පිටි වැල්ලේ මදටිය වැල් ඔන්චිල්ලේ
කොණ්ඩෙ කඩන් හඳට අඬන් සිංදු කියන්නේ
කුණ්ඩුමණී
නැහැයෙ කරාබුව දෙකණේ කඩුක්කං දමා සියොළඟ
මොට්ටැක්කිළියෙන් හැඩකොට වසා ඉඟ නමා
උළුඳු කොටා තල වේලා තල් පත් මත ගිණි අව්වේ ලා
කුණ්ඩුමණී
සෙම්බු තාලි උකුලෙ හොවා ආඬි ළිඳෙන් දිය ඇදලා
ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස් පොල් ගහලා නළලේ අළු ගා
කුණ්ඩුමණී
ගොම ඉහළා හැදූ ගෙබිම පිච්ච මලින් සරසාලා
කෙසෙල් ගස් දෙකක් දොරකඩ සිටුවා තබලා
කුම්බු ඝටම් මෘදංග නද මුළු ගමටම හඬවා දීලා
කුණ්ඩුමණී
සණ්ඩු කරල බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
මහරාජා ආ කල ගෙට තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමණී යන පෙරහර බලා හිඳිමි කීකරු වීලා
කුණ්ඩුමණී
Song Details
- Sinhala Title
- මන්නාරම් පිටි වැල්ලේ
- English Title
- mannaram piti welle
- Artist
- ප්‍රෙඩී සිල්වා
පස
Artist
ප්‍රෙඩී සිල්වා
View all songs →