Lyrics
පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා..
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා..
අරුත බිඳී ගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා..
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිඳියම පතා..
පැතූ කතාවේ නිමක් දකින්නට
උපන් භවේ පින මදි හින්දා..
බලාහිදිමි මතු භවයක හෝ
පසු වදන ලියන්නට එතැයි කියා..
පෙරවදනක් වී...
ගායනය : සනුක වික්‍රමසිංහ
පද රචනය : උමා අසේනි
සංගීතය : සනුක වික්‍රමසිංහ
Song Details
- Sinhala Title
- පෙරවදනක් වී මගේ කතාවට
- English Title
- perawadanak wee
- Artist
- සනුක වික්‍රමසිංහ
සව
Artist
සනුක වික්‍රමසිංහ
View all songs →