නදී ගංගා තරණයේ

nadee ganga tharanaye

Lyrics

නදී ගංගා තරණයේ සැරිසරා සැඩ මාරුතේ ඉන්ද්‍රකීලයක් සේ නොසැලී මා යන මාවතේ සිංහ ලෝකයේ සිංහ ලෝකයේ සුළං රැල්ලේ දැවටිලා මන්ද මාරුතයේ සොයා යන්නෙමි ගලා එන මන්දාකිණි හඹා යමි හමු වෙන තුරා ජීවිතේ උතුම් පැතුමන් හා නිරතුරුව අභිමානයෙන් මංමුලා නොවේ කිසිදා ජවය මා සතු වේ දිරිය ගන්නෙමි ගලා යන දහසක් නදී බලා සිටී මා එන තුරා නිරතුරුව අභිමානයෙන් නදී ගංගා තරණයේ සැරිසරා සැඩ මාරුතේ ඉන්ද්‍රකීලයක් සේ නොසැලී මා යන මාවතේ සිංහ ලෝකයේ සිංහ ලෝකයේ //

Song Details

Sinhala Title
නදී ගංගා තරණයේ
English Title
nadee ganga tharanaye
චස

Artist

චිත්‍රාල් සෝමපාල

View all songs →