Lyrics
හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා//
තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
එදා මතකය සිතේ අහුරා..
කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ
නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා//
සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
ඈත මීදුම් අතර සඟවා
යන්න ප්‍රිය ලඳුනේ
හද සුසුම් පවනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ//
හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ//
Song Details
- Sinhala Title
- හිරු මැකී යයි නීල අහසේ
- English Title
- hiru maki yai
- Artist
- අමිල පෙරේරා
අප
Artist
අමිල පෙරේරා
View all songs →