අහසින් එහා තරු මං දිගේ

ahasin eha tharu

Lyrics

අහසින් එහා තරු මං දිගේ පියඹන්න දැන් විහඟෙකු ලෙසින්.. අහසින් එහා සිහිනය දිගේ පියඹන්න නම් ආසයි ඉතින්.. හිත කළඹමින් හැඟුමන් ඇවිත්.. ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින් හද ගී පොතේ - සත්සර නැගේ - ඒ ආදරේ.. සිතුවිලි කුසුම් විකසිත වෙමින් මකරන්ද සුවඳින් පිරේ.. ඔබගේ හඬින් විවරණ අරන් ජීවිතය ගීයක් වුනේ.. දවසක ඉතින් කිරුලක් දරන් ඔබ එන්න රැජිනක් ලෙසින්.. හිත කළඹින් හැඟුමන් එඹී ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින්.. අහසින් එහා තරු මං දිගේ පියඹන්න දැන් විහඟෙකු ලෙසින්.. අහසින් එහා සිහිනය දිගේ පියඹන්න නම් ආසයි ඉතින්.. හිත කළඹමින් හැඟුමන් ඇවිත්.. ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින් හද ගී පොතේ - සත්සර නැගේ - ඒ ආදරේ.. ගායනය : කසුන් කල්හාර සමඟින් උරේශා රවිහාරි පද රචනය : නිලාර් එන්. කාසිම් සංගීතය : උදාර සමරවීර

Song Details

Sinhala Title
අහසින් එහා තරු මං දිගේ
English Title
ahasin eha tharu
උර

Artist

උරේශා රවිහාරි

View all songs →

අහසින් එහා තරු මං දිගේ (ahasin eha tharu) | Tediya Lyrics