දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ

dewadara gas athare

Lyrics

දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ // පුංචි දැරියක් වාගේ මා සුරතේ දැවටීලා ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා ඒ කාලේ ඈ ආවා ඔබත් දන්නවා දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ මියුරු සරින් ඇය මා හා තෙපලූ ඒ ප්‍රාර්ථනා සුළගේ පාවී ගිය දා මා තනි වූවා සුළගේ පාවී ගිය දා මා තනි වූවා දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ මාත් එක්ක මේ පාරෙන් ආයේ එන්නෙ නෑ මින් පස්සෙ මං විතරයි ඈ එන්නේ නෑ //

Song Details

Sinhala Title
දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ
English Title
dewadara gas athare
වක

Artist

විජය කුමාරතුංග

View all songs →

දේවදාර ගස් අතරින් එබී බලන සඳවතියේ (dewadara gas athare) | Tediya Lyrics