තේ කූඩය පිටේ බැඳන්

the kudaya pite

Lyrics

තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින් මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී මගෙ ලෙංගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන් තනිපංගලමේ ඉන්න වරෙන් ලෙච්චමී දැක්කම ඔය වගෙ කියාවි මටම කරච්චල් කොරාවි මාත්තියා මොකද්ද මට විහිළු කරන්නේ ලැයිමෙ ඈයො පද හදාවි පූච්චානම් මට කියාවි ආඬවනේ ඕවට මම කැමතිම නෑනේ සිදාදියේ රේල් පොළට නුඹ එක්කරගෙන යන්නම් අත පිරෙන්න හිත පිරෙන්න මණි බඩු අරගෙන දෙන්නම් මාත්තියා එක්ක අපෝ මට බැරියෝ ඒකටනං වත්තෙ ඉඳිල්ලත් නැතිවෙයි මට මොකටද ඔය කෝලම් වත්තෙ මහත්තයා වෙලත් විඳගෙන මේ නව නින්දා ‍මම මේ හැටි වද විඳින්නෙ නුඹ හට ආදරෙ හින්දා අපෙ අප්පගෙ ආඩපාල අහන්න මට බැරි හින්දා මාත්තියා දන්නෙ නැද්ද ගිය සුමානෙ මම බැන්දා

Song Details

Sinhala Title
තේ කූඩය පිටේ බැඳන්
English Title
the kudaya pite
පස

Artist

ප්‍රෙඩී සිල්වා

View all songs →