Lyrics
කෙටිම කෙටි කතාවක්
මං ඔබ ගැනම ලියන්නම්
මා අතැර ගියේ ඔබ බව
එහි නොලියා ඉන්නම්
ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්
සුදු ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්
සඳ නිවෙන තරු මඩල යට
ගොස නගන මූදු රළ දෙස
වරු ගණන් බලා උන් වග
එහි නොලියා ඉන්නම්
ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්
සුදු ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්
ගත හිවුඩු පිපෙන සීතේ
දුම්රියේ එකට එක ළඟ
දුර ගමන් ගෙවා ගිය වග
එහි නොලියා ඉන්නම්
ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්
සුදු ඔබ පැරණි මතකයෙන්
මා මුදවනවා නම්
කෙටිම කෙටි කතාවක්..
Song Details
- Sinhala Title
- කෙටිම කෙටි කතාවක්
- English Title
- ketima keti kathawak
- Artist
- කිත්සිරි ජයසේකර
කජ
Artist
කිත්සිරි ජයසේකර
View all songs →