මලක් වගේ පරිස්සමට නෙලාගන්න බැරි උනාට

malak wage

Lyrics

මලක් වගේ පරිස්සමට නෙලාගන්න බැරි උනාට හිතේ තියෙන ලෙන්ගතුකම මැකී යන්නෙ නෑ දෙනෙත් යටින් නිති බැලුවට ආල බැලුම් මට හෙලුවට බිඳක් තරම්වත් නුඹ නම් ප්‍රේම කරල නෑ හිත ඉකිලන රාත්‍රියක නෙතකඩ එන කඳුළුවලට හද හඬවන සෙනෙහස නම් බිහි කරන්න බෑ නුඹ තාමත් මගේ නොවෙයි මට හිතෙන්නෙ නෑ නුඹ තාමත් මගේ නොවෙයි මට හිතෙන්නෙ නෑ මලක් වගේ පරිස්සමට.. නුඹ නැති දා මංමුලාව මග වැරදුණු ජීවිතයට මතු කවදා සතුට අරන් හිරු නැගෙන්නෙ නෑ නුඹ තාමත් මගේ නොවෙයි මට හිතෙන්නෙ නෑ නුඹ තාමත් මගේ නොවෙයි මට හිතෙන්නෙ නෑ මලක් වගේ පරිස්සමට නෙලාගන්න බැරි උනාට හිතේ තියෙන ලෙන්ගතුකම මැකී යන්නෙ නෑ දෙනෙත් යටින් නිති බැලුවට ආල බැලුම් මට හෙලුවට බිඳක් තරම්වත් නුඹ නම් ප්‍රේම කරල නෑ බිඳක් තරම්වත් නුඹ නම් ප්‍රේම කරල නෑ //

Song Details

Sinhala Title
මලක් වගේ පරිස්සමට නෙලාගන්න බැරි උනාට
English Title
malak wage
කප

Artist

කිංස්ලි පීරිස්

View all songs →