Lyrics
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි
සුසුමට කඳුලට ලෙන්ගතු වී
සැනසෙන්නද මා කෙලෙස යළි //
ආදරයට හිමි කඳුලු බිඳු
සාගරයට මුසු වේද මතු
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි
සසරින් සසරට එකට බැඳී
මෙතුවක් ආ මග අද නැවතී //
ජීවිතයම එක රැයක දුටු
සිහිනෙකි ප්‍රේමය බිඳුනු පසු
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබෙ දෙසවන් ඇයි අගුළු වැටී
සෙනෙහස දෙවොලකි පුදනු හැකි
ඔබ නමටයි ඒ දෙවොල හිමි
Song Details
- Sinhala Title
- සෙනෙහස දෙවොලකි පුදනු හැකි
- English Title
- senehasa dewolaki
- Artist
- සෝමසිරි මැදගෙදර
සම
Artist
සෝමසිරි මැදගෙදර
View all songs →