දොළ ළඟ ගුරු පාර දිගේ ඒවී

dola laga guru

Lyrics

දොළ ළඟ ගුරු පාර දිගේ ඒවී සිනහ පපා ටිකිරි නඟා දිය නාගෙන කුඹුක් ළි‍ඳේ නංගෝ සුදට සුදේ වන මල් ගසාලා හිසේ නැළවී නැළවී සීතේ ගී තාලෙන් මේ යන්නේ කොහිදෝ කැලෑ මගේ ඒවී සිනහ පපා ටිකිරි නඟා සැන්දෑවේ සිරියාවේ පීනා න‍ඟෝ නීල වලා පාවී සිනා රූ බෝවී එන්නේ මේ සුදු මැණිකො දැන් ඇයිදෝ මේ තාම වෙලේ ගෙදර නොයා ඒවී සිනහ පපා ටිකිරි නඟා ඇයි නෑවේ සීත සැඳෑ යාමේ තෙත කොණ්ඩේ බේරේ දිය බින්දු පුරා ඉතිරේ කිරි වීදේ සිරියාවෙන් ගමේ ටිකිරි නඟා සිරියාවී ගමේ ඒවී සිනහ පපා ටිකිරි නඟා

Song Details

Sinhala Title
දොළ ළඟ ගුරු පාර දිගේ ඒවී
English Title
dola laga guru
නම

Artist

නන්දා මාලිනී

View all songs →