Lyrics
කියඹු ලතාවේ නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...
අනඟ සිනා පා නෙතඟ කියන කතාවේ...
රහට මුලා වී... කඩං වැටුනේ මමනේ...
කමක් නෑ සැපයි ඔබෙ දැකුම පවා දැන්
නරිලතාවේ මට නම්
කියඹු ලතාවේ... නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...
රෑ නිදි යහනේ එදිනම මා
පෙම් මදිරා මතින් මත් වී ගියා...
සිතඟි බඳුන බිඳුනා... පපුවෙ පුලිඟු දැව්නා...
මෙමට ඔබම ඔබිනා බව සුලඟ පවා කිව්වා...
නලඟනකට මා වසඟ වෙලා
පියඹා ආ සිත තෙත් වී ගියා
බඹර විසේ සිඳුනා පෙමක ගැඹුර දැනුනා
ඔබම මගේ කුලඟන වී සසර පුරා බැඳුනා...
කියඹු ලතාවේ... නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...
අනඟ සිනා පා නෙතඟ කියන කතාවේ...
රහට මුලා වී... කඩං වැටුනේ මමනේ...
කමක් නෑ සැපයි ඔබෙ දැකුම පවා දැන්
නරිලතාවේ මට නම්
කියඹු ලතාවේ... නටන ඔලිඳ ලතාවේ...
හැඩට මුලා වී දපනෙ වැටුනේ මම නේ...
Song Details
- Sinhala Title
- කියඹු ලතාවේ නටන ඔලිඳ ලතාවේ
- English Title
- kiyabu lathawe natana
- Artist
- දිමංක වෙල්ලලගේ
දව
Artist
දිමංක වෙල්ලලගේ
View all songs →