සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා

sithak thiyenawa

Lyrics

සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා නෙතින් බලනවා ලස්සන රටා මැවෙනවා නෙතඟ කතාවේ දෙවි දුවක් දකිනවා සිතින් සිනාසි සෙනෙහස පෑවා පැතුමන් බොඳ වී දෙනෙත් රතු වුණා සිහින විමානේ අද යාවී පා වෙලා සිතේ සුසුම් වැල් බොඳ වෙවී මැකීලා සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා ඇගේ ලෝකයේ රන් කිරුළද පතලා මැවූ සිහින වැල් සුන් කර දමලා ඈ හිනහෙනවා පෙර ලෙසින් බලනවා නෙතු හඬවනවා මා හද රිදවනවා සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා ළඳක් සොයනවා ඒ සිත ළඳක් සොයනවා නෙතින් බලනවා ලස්සන රටා මැවෙනවා නෙතඟ කතාවේ මිරිඟුවක් දකිනවා ඒ සිත ළඳක් සොයනවා මිරිඟුවක් දකිනවා ///

Song Details

Sinhala Title
සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා
English Title
sithak thiyenawa
ඉද

Artist

ඉන්ද්‍රජිත් දොලමුල්ල

View all songs →

සිතක් තියෙනවා ආදර සිතක් තියෙනවා (sithak thiyenawa) | Tediya Lyrics