Lyrics
පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ..
පෙරදා මැවූ සිනා...
මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උණුසුම් හැඟුම් සිර වී
ඔබගේ සෙනේ මවෙතින් මීදී
ළතවේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ...
පෙරදා මැවූ සිනා...//
මේ නීල තරු ගොල්ලේ
සඳ පාළුවෙන් සරන්නේ
රෑ කළුවරේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳවී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොළුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ...
පෙරදා මැවූ සිනා...//
Song Details
- Sinhala Title
- පෙරදා මැවූ සිනා
- English Title
- perada mawu sina
- Artist
- ශිහාන් මිහිරංග
ශම
Artist
ශිහාන් මිහිරංග
View all songs →