Lyrics
ඊයේ උදයේ
ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ
ඔය සුරත දරා සිටියා
පුරුදු ලෙස මා ඔබ දකින්නට
පැමිණ මංගල සිරියකි දුටුවේ
සබේ කිසිවෙකු ඉබේ වත් නැත
ඇසක් මා දෙස යොමා බැලූවේ
කිමද මේ අරුමේ
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ
සොඳුර හෙට අප අළුත් ලොවකට
පා නගන්නට සැරසෙන අතරේ
එසේ මා දුටු එවන් සිහිනය
මෙසේ අද මා හිතට වද දේ
කිමද මේ අරුමේ
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ
Song Details
- Sinhala Title
- ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා
- English Title
- iye udaye oba poruwa matha
- Artist
- හෙන්රි කල්දේරා
හක
Artist
හෙන්රි කල්දේරා
View all songs →