දිලීප පොඩි පුතූ

dileepa podi puthu

Lyrics

දිලීප පොඩි පුතූ සනීපයට නිදි මවගේ උකුල් යහනේ කුමාරයාණෙනි මගේ කිරුළ හිමි ජීවන රජ දහනේ පරවි දෙපා වැනි සුලලිත කෝමල සුමුදු ටිකිරි දෑතේ පුතු මිට මොලවන් සඟවා ගෙන ඇත මා නොලියුව ගීතේ මහද විමානයෙ තැන්පත් කල ලේ බිඳුවක් අඩුව ඇතේ එය සඟවාගෙන බිලිඳු වෙසින් ආ වස්තුව ඔබය පුතේ

Song Details

Sinhala Title
දිලීප පොඩි පුතූ
English Title
dileepa podi puthu
කව

Artist

ක්ලැරන්ස් විජේවර්ධන

View all songs →

දිලීප පොඩි පුතූ (dileepa podi puthu) | Tediya Lyrics