එකම වීදියේ දෙතුන් වතාවක්

ekama weediye dethun wathawak

Lyrics

එකම වීදියේ දෙතුන් වතාවක් එහා මෙහා අපි ඇවිද ඇතී.. බිමට නැමුණු මල් අතු ඉති අතරේ අපේ කතාවන් රැඳී ඇතී.. සුදු හසඟන සේ හසරැළි ඉහලා හඳ පායන සේ හද ගිණි නිවලා.. ඔබ මා සුරතේ දසඟිලි පටලා දොඩමළු වීලා මට ඉඟි කරලා.. හැන්දෑ යාමේ මා අත හැරලා යන්නී ඔබ ඔබේ කුටියට පෙරලා.. කවුළුව අතරින් හසරැලි එළලා මම යමි මගේ හිත ඔබ ළඟ තියලා.. තනි යහනේ මා කෙසේ සිතන්නේ මා සිත ඔබේ ළඟ නොවෙද තියෙන්නේ.. ඔබට හිතෙන දේ හිතට කියාදී හෙට එන විට යලි රැගෙන වරෙන්.. එකම වීදියේ දෙතුන් වතාවක්..

Song Details

Sinhala Title
එකම වීදියේ දෙතුන් වතාවක්
English Title
ekama weediye dethun wathawak
පස

Artist

ප්‍රියා සූරියසේන

View all songs →