Lyrics
ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා
ළා හිරු මඩලයි මා අබියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා //
උපතින් උපතට චාරිකාවේ
දිවි මඟ ඔබ මා ළඟ උන්නා //
යුගයෙන් යුගයට මේ භවයේ මෙන්
යළි හමුවන්නෙමු අපි දෙන්නා
ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි..
සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි
බිඳුවක් ඔබගෙන් ලබන නියා
සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි
වෙරළක් වී ඔබ දකින නියා
ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි..
Song Details
- Sinhala Title
- ඔබ මට තරුවකි ඝනදුරු රැයකදි
- English Title
- oba mata tharuwaki
- Artist
- නිර්මලා රණතුංග
නර
Artist
නිර්මලා රණතුංග
View all songs →