බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව

bangali walalu gena ennai

Lyrics

බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව // යල මහ දෙක වැඩ කරලා ගොයම් කපා බක් මහ එන්න පෙර බැඳෙමුයි තැවෙන්නෙපා ඉක්මන් කතා කී ඇස් දෙක අඬන්නෙපා දැක්මත් සහනයකි ඔබ මගහරින්නෙපා බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව දෙවැට දිරා ගිය රුක් අතු සෙවණ යට ඕවිට අසල දිය උතුරන පොකුණ පිට තාමත් දැණෙනවා ඇඟ ගෑ සුවඳ මට නවතිනු බැරි වුණත් එනු මස්සිනේ ගෙට බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව දුහුලැල් සාරි ගෙන එන්නයි පොරොන්දුව රන් මිණි මාල පළඳන්නයි පොරොන්දුව එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව //

Song Details

Sinhala Title
බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුව
English Title
bangali walalu gena ennai
ඇග

Artist

ඇන්ජලීන් ගුණතිලක

View all songs →