Lyrics
ඔබ මගෙ මතකය වෙලා
හිත ලග ඉන්නවා බලා
වෙන්වෙන්නට කාරනා
පහදා දෙනවද ඔයා
එක්වුනු තැනදිමයි
හිමි උනේ වේදනා
මට උහුල ගනු බැරි උනා
වෙන්වුනු තැනම මං
මතකයේ ඉන්නවා
ඔබ දිනෙක දැනගන්නවා
වරුවක් ගියානේ ඔබ නෑනේ ආවේ
මං තාම මග බලනවා
අඩුවක් කලේ නෑ කිසිදාක සෙනෙහේ
නුබ හොඳට එය දන්නවා
කවදාක හෝ කඳුලක් වැටී
ඔය දෙනෙත නම් හඩවනු එපා
මේ හිත මගේ විදවන හැටී
කිසිදාක නම් දැනගනු එපා//
හිත සතුට උදුරා කාලය ගියානේ
කදුලකට හිමි කම තියා
මට මාවවත් නෑ ඔබ ගියපු දිනයේ
මං තනිව ඉන්නම් සදා
කවදාක හෝ කඳුලක් වැටී
ඔය දෙනෙත නම් හඩවනු එපා
මේ හිත මගේ විඳවන හැටී
කිසිදා නම් දැනගනු එපා//
ඔබ මගෙ මතකය වෙලා..............
Song Details
- Sinhala Title
- ඔබ මගෙ මතකය වෙලා
- English Title
- oba mage mathakaya wela
- Artist
- සමීර ජනකාන්ත
සජ
Artist
සමීර ජනකාන්ත
View all songs →