Lyrics
එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුණු ගහ ගාව තව ඉඩ තියෙනවා
නුබ මගේ ළගින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....
දුක පිරුණු මගේ හිත නුඹ හොදට දන්නවා
හිත හදපු නුඹේ හඩ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....
අනාගත වාළුකා කතර මැද තනි වෙලා
කෙසේ පා ඔසවමිද සා පවස විද දරා
පුර පසක සද නොවී නුඹ අව පසක සදවුනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා....
Song Details
- Sinhala Title
- එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා
- English Title
- eda wage adath poda
- Artist
- සෝමතිලක ජයමහ
සජ
Artist
සෝමතිලක ජයමහ
View all songs →