වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද

wahi diya maha bima

Lyrics

වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රෑ විතරද විහගුන් පෙම් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතරද මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මන් විතරද රෝස පතක කවි ලිව්වේ සුවද දිදී තියාගන්න මේ විදියට ගී ගැයුවේ ඉන්න තැනකදී ඇහෙන්න.. මේ විදියට ගී ගැයුවේ..... ඉන්න තැනකදී ඇහෙන්න.... රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රෑ විතරද.. මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මන් විතරද... උස අත්තක මලක් උනේ ගව් ගනනක් උඩින් ඉන්න අවසානේ උරුම උනේ මල් පොකුරක එකක් වෙන්න.. අවසානේ උරුම උනේ.... මල් පොකුරක එකක් වෙන්න.. වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද... රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රෑ විතරද... විහගුන් පෙම් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතරද.... මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මන් විතරද...

Song Details

Sinhala Title
වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද
English Title
wahi diya maha bima
දප

Artist

දීපිකා ප්‍රියදර්ශනී

View all songs →

වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද (wahi diya maha bima) | Tediya Lyrics