Lyrics
හනික වරෙව් කොල්‍ලනේ
මෙන්න මෙහෙ වරෙව්
මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
නට නටා වරෙව්
තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්
වැඩේ අමාරුත් නැතේ
තෑගි ටිකත් අපි අතේ
රත්තරනින් එවන්නේ
හිරු දෙවියොයි කියන්නේ
මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
නට නටා වරෙව්
තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්..යකෝ
තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්
හනික වරෙව් කොල්‍ලනේ
මෙන්න මෙහෙ වරෙව්
සාදු සාදු කියල්ලා
ප්‍රීති ඝෝෂ කරල්ලා
හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
කන්ද උඩින් වරෙල්ලා
හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
කන්ද යටින් වරෙල්ලා
හිරු දෙවිඳුගෙ හරක් ගත්තු
හරක් හොරා හොයල්ලා
ලෝකෙ වටේ ගොහිල්ලා
හරක් හොරා හොයල්ලා
හිරු දෙවිඳුගෙ හරක් ගත්තු
හරක් හොරා හොයල්ලා
වනන්තරේ සොයාපියෝ
ගල් අරඹේ සොයාපියෝ
මරු කතරේ සොයාපියෝ
මිනිස් වාසෙ සොයාපියෝ
කඳු මුදුනේ ගං ඉවුරේ
වනන්තරේ සොයාපියෝ
හිරු දෙවිඳුගෙ ගොපල්ලො අපි
අපිට දෙවියො බලාපියෝ
රන් අඹරණ පැළඳගත්ත
මහ පොළොවේ රන් වපුරන
අපිට දෙවියො බලාපියෝ
හරක් හොරා හොයාගන්න
සියලු දෙවියො පිහිටවෙයෝ
Song Details
- Sinhala Title
- හනික වරෙව් කොල්ලනේ
- English Title
- hanika warew kollane
- Artist
- රොඩ්නි වර්ණකුල
රව
Artist
රොඩ්නි වර්ණකුල
View all songs →