උපනා තනිකම මියෙනා තුරැ හිඳ

upana thanikama miyena

Lyrics

උපනා තනිකම මියෙනා තුරැ හිඳ යමුද මෙලොව හැර නුණුවන දනන් ලෙසින් දිලෙනා ලොව තුල නැගෙනා හිරැ ලෙස පොකුරු ගැසෙමු අපි මල වට බඹරැ ලෙසින් උපනා තනිකම මියෙනා.... මලට ඇදෙන බිඟු මල වට රඟ දෙයි උන් නගනා හඬ මල් පෙති පුබුදයි මිනිසුනේ අතු අග දිලෙනා ලොව හැඩ කරනා කොඳ මල් සිඳිනු එපා උපනා තනිකම මියෙනා.... පෙමින් බැඳුන සිත මුළු ලොව සනසයි යොවුන් පැතුමි රස පහසින් පිබිදෙයි සොයුරනේ කඳුලැලි පුරනා හද ඉකි බිඳිනා පෙමි සිත් බිඳිනු එපා උපනා තනිකම මියෙනා....

Song Details

Sinhala Title
උපනා තනිකම මියෙනා තුරැ හිඳ
English Title
upana thanikama miyena
රශ

Artist

රොහාන් ශාන්ත බුලේගොඩ

View all songs →