Lyrics
ඈත ඈත චන්ද්ර මණ්ඩලේ
පාට පාට තාරකා පෙළේ
පුංචි පුංචි මල් සිනා මලේ
හැංගුවාද ආදරේ අපේ//
අඩවන් වූ නිල් දෑසේ කී රහසේ
වත කමලේ සිරියාවයි මදහාසේ
සිත් සපුරා දුටු සිහිනේ පෙර යාමේ
එළිවෙන්නේ කවදාදැයි සංකාවේ
පෙර කාලේ දොළ ලන්දේ සැංගිලා
අත් පටලා කවි සිංදු කී ලීලා
සිහිවේදෝ මන බැන්දු ඒ කාලේ ඔබ
හින්දා දුක් කඳුලේ තනිවෙලා
Song Details
- Sinhala Title
- ඈත ඈත චන්ද්ර මණ්ඩලේ
- English Title
- atha tha chandra mandale
- Artist
- චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
චහ
Artist
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
View all songs →