මාල ගිරවියේ මාල ගිරවියේ

mala girawiye

Lyrics

මාල ගිරවියේ මාල ගිරවියේ මට ඔබත් එක්‌ක අපේ ගමට පියාඹන්න ආසයි මම දන්න කියන ගහකොළ මල් පෙන්නන්නට ආසයි දුර නෑයෝ පවා ගේ දොරකඩ එකතු වෙලා හිඳීවී නුඹේ මාලේ හැබෑ රත්තරන්ද අතගාලා බලාවී මේ සේද ඇඳුම් ඉල්ලාගත්තේ කාගෙන්දැයි අසාවී මගෙ උරතලයේ හිස තියාන හෙමිහිට ඉකි බිඳීවී අපෙ නැතිබැරිකම් මේ තරමට අමිහිරි දැයි අසාවී ඒ නිසා තවත් ටික දවසක්‌ ඉවසමු අපි කුමාරී

Song Details

Sinhala Title
මාල ගිරවියේ මාල ගිරවියේ
English Title
mala girawiye
කද

Artist

කරුණාරත්න දිවුල්ගනේ

View all songs →