දුවේ නුඹ මගෙ ප්රාණයයි

duwe nuba mage

Lyrics

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි සැබෑ වුණ සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පියනගන්නේ සනුහරේ අභිමානයයි මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලී පරවෙන නිසාමයි දුක දිනා හිනැහෙන හැටි දුවේ නුඹ දැන උගත් පාඩම තමයි මිල මුදල නිල බල යා නොදෙයි කළ හොඳම විතරක් ඉතිරිවෙයි අප මී මුතුන් මිත්තන් එදා සිය ලේ කඳුළු දහදිය පුදා පරපුරෙන් පරපුරට රැගෙන ආ ඒ ගෞරවය මගෙ දුව තමා නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ ගෙනියන්නෙ ඒ අභිමානයයි

Song Details

Sinhala Title
දුවේ නුඹ මගෙ ප්රාණයයි
English Title
duwe nuba mage
සඑ

Artist

සුනිල් එදිරිසිංහ

View all songs →

දුවේ නුඹ මගෙ ප්රාණයයි (duwe nuba mage) | Tediya Lyrics