Lyrics

දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන් මන බැන්දුවේ මා සෙනෙහේ ලතා මනමාලියක් වී වෙනතක් බැලූ දා පර වී ගියේ නෑ මගෙ චේතනා නිමවූ කතාවන් ගොළු වී තියේ දෙනෙතේ මැවේ ඔබේ හසරැලි සිතේ කඳුලක් වුණා ඔබේ සෙනෙහේ මගේ ලොවේ දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන් මන බැන්දුවේ මා සෙනෙහේ ලතා මනමාලියක් වී වෙනතක් බැලූ දා පර වී ගියේ නෑ මගෙ චේතනා අද හෝ හෙටින් හෝ මතු කවර දා තනි වූවොතින් ලොවේ ඔබෙ කල්පනා පිළිගන්නෙමි සදා මා ඔබෙම වේ එදා දෑසෙ කතාවෙන් හසරැල් ලතාවෙන් මන බැන්දුවේ මා සෙනෙහේ ලතා මනමාලියක් වී වෙනතක් බැලූ දා පර වී ගියේ නෑ මගෙ චේතනා පර වී ගියේ නෑ මගෙ චේතනා //