මම එන්නේ ඩුබායි රටේ ඉදලා

mama enne dubai rate

Lyrics

මම එන්නේ ඩුබායි රටේ ඉදලා සල්ලි හොදට හම්බකරලා හම්බ කරපු සල්ලි මා ලගයි හරි ලස්සණ පොඩි ගෙයක් හදලා ටිවී රේඩියෝ දලා හම්බ කරපු සල්ලි මා ලගයි මගේ අතේ මිටේ සතේ නැතිව ඉල්ල ගන්න කෙනෙක් නැතිව හිතේ අමාරුවෙන් හිටියේ මං එරන්දතී මට කැමැත්ත දු‍න් නැහැ අම්මා තාත්තලා මුණ බැලුවේ නැහැ // දැන්නම් බලනවා දුක සැප අහනවා මොකද්ද වෙනසක් සිදුවෙලා තියෙනවා මම එනතුරු සිවු වසරක් හිටියලු මට ජය ලැබෙන්නට ආසිරි පැතුවලු // පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු අහක බැලුවේ ඇයි දුක හිතෙනවාලු මංගල යෝජනා දවසට දෙකතුන නැන්දලා මාමලා ආවද කොපමන // අඩම්බරකම් කුමටද පෙම්බර එහෙනම් මගේ හිත එරන්දතී වෙත මම එන්නේ ඩුබායි….

Song Details

Sinhala Title
මම එන්නේ ඩුබායි රටේ ඉදලා
English Title
mama enne dubai rate
එඑ

Artist

එම්. එස්. ප්‍රනාන්දු

View all songs →

මම එන්නේ ඩුබායි රටේ ඉදලා (mama enne dubai rate) | Tediya Lyrics