Lyrics

කවිය ඔබ... තුන් තිස් පැයක් නිඳි වරා වෙහෙසි සිත දෙගිඩියාවෙන් තවම නොලියු කවිය ඔබ.. පද එකින් එක ලියවා සිත කුරුටු ගා මැකුවා ඔබ ලියූ කවි කියවා මන් අසරණව උන්නා යෞවනේ තනිකමක් දැනෙනා මොහොතක සිත ඉකිගසා හැඩුවා .. කවිය ඔබ... හොර ඇහින් ඉඟි කරලා සඳ මගෙන් සමු ගත්තා කවි පොතම පොඩිකරලා නිදියන්න මට සිතුනා යෞවනේ අත ළඟින් හිඳිනා මොහොතක දුර ඈත බව දැනුනා..