දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම

digu desa dutuwama

Lyrics

දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ මට දෙන්න මගෙ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ දිගු දෑස දුටුවාම...... පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ පෙනෙනවා දකිනවා නිහඬ රෑ දුර අහසේ දුරම මිස ළඟ නැතිද අහනවා නෙතු මාගේ කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ දිගු දෑස දුටුවාම......

Song Details

Sinhala Title
දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම
English Title
digu desa dutuwama
රස

Artist

රොමේෂ් සුගතපාල

View all songs →

දිගු දෑස දුටුවාම හැඟෙනවා පෙර සේම (digu desa dutuwama) | Tediya Lyrics