වෙහෙරක් වගේ පිංදුන් කෙනෙක්

weherak wage pin

Lyrics

වෙහෙරක් වගේ පිංදුන් කෙනෙක් දෙවොලක් වගේ දුක් ලැබු කෙනෙක් කුඹුරක් වගේ බත් දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ සයුරක් වගේ කිරි දුන් කෙනෙක් වෙරළක් වගේ පණ දුන් කෙනෙක් ඔරුවක් වගේ අත දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ කදුළක් වෙලා දුක් වූ කෙනෙක් දියඹක් වෙලා තුටු වූ කෙනෙක් ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක් වේ නම් ලොවේ නුඹයි අපේ අම්මේ

Song Details

Sinhala Title
වෙහෙරක් වගේ පිංදුන් කෙනෙක්
English Title
weherak wage pin
කද

Artist

කරුණාරත්න දිවුල්ගනේ

View all songs →