උන්නා එක ගංගාවක

unna eka gangawaka

Lyrics

උන්නා එක ගංගාවක රන්වන් පුංචි මාලුවෝ උන් කී මේ කතන්දරේ අක්කේ දැන් අහන්නකෝ අක්කා වගේ රූපෙන් යස මල් මල් මුතු කුමාරිකා කැන්දන් යන්න ආවලු අහසේ හිරු කුමරයා.. ඒ කතන්දරේ හිරු කුමාරයා වගේ කවුරු හෝ එයි අපේ දිහා රාජ තේජසින් අශ්වයා පිටින් අවොතින් එයා මන් හඩාවීදෝ පුංචි නංගියා හඩවලා අනේ ඒ කුමාරයා එක්කලා ඉතින් අක්කා යන්න යාවීදෝ... මෙන්න මේ වගේ අක්කලා නිසා රෑට රෑට  හෝ මල් පිපෙන්නේලු මුතු ලතා වගේ ඔය සිනා සලා ඒ පිපිච්ච මල් පර නොවේවිලු මෙන්න මෙ වගේ නංගිලා නිසා අක්කලා ලොවේ වාසනාවියෝ හා.. හා..වාසනාවියෝ..

Song Details

Sinhala Title
උන්නා එක ගංගාවක
English Title
unna eka gangawaka
උර

Artist

උරේෂා රවිහාරි

View all songs →