රුවන්වැල්ල මං යනකොට

ruwanwella mama yanakota

Lyrics

රුවන්වැල්ල මං යනකොට ගං වැල්ලේ සැලි සැලි රුවන් සිනා රැල්ල වැනුවෙ ඇයි කෙල්ලේ සිලි සිලි මාවනැල්ල පසු කල විට පායා ආ සඳමලී හිනා රැල්ල ඇයි ඇන්දේ දුරලා සිත සැනසිලි පවන් රැල්ල ගෙන එනවා ගතට සුවය සැනසිලි නැවුම් නිල්ල පොබයනවා රහසෙම පෙම් සිතුවිලි නදී රැල්ල අතුරනවා ටිකිරි පයට පියවිලි හිනා රැල්ල නැංවෙනවා හඳපානේ දිලි දිලි මං එතකොට තනිවෙනවා හදත් සමග කෙඳිරිලි රුවන්වැල්ල මං යනකොට ගං වැල්ලේ සැලි සැලි රුවන් සිනා රැල්ල වැනුවෙ ඇයි කෙල්ලේ සිලි සිලි මාවනැල්ල පසු කල විට පායා ආ සඳමලී හිනා රැල්ල ඇයි ඇන්දේ දුරලා සිත සැනසිලි රුවන්වැල්ලෙ රුවන් සිනා මා වටකොට වෙලීයන් පවන් රැල්ල සිහිලස දී සුවඳ මුසුව ඇදීයන් සිනා රැල්ල සදාකල්ම මා වටකොට සරාපන් රුවන් තැල්ල බඳින තුරා තනිකම දුක නොදීයන් රුවන් කෙල්ල ලැබෙන තුරා ගංගාවේ ගලාපන් රුවන්වැල්ල මං යනකොට ගං වැල්ලේ සැලි සැලි රුවන් සිනා රැල්ල වැනුවෙ ඇයි කෙල්ලේ සිලි සිලි මාවනැල්ල පසු කල විට පායා ආ සඳමලී හිනා රැල්ල ඇයි ඇන්දේ දුරලා සිත සැනසිලි

Song Details

Sinhala Title
රුවන්වැල්ල මං යනකොට
English Title
ruwanwella mama yanakota
සව

Artist

සේනානායක වෙරලියද්ද

View all songs →

රුවන්වැල්ල මං යනකොට (ruwanwella mama yanakota) | Tediya Lyrics