සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ

sina mal godak para

Lyrics

සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ නෙලා ගන්න හිතයි දොතට මල් කොහොම වටින්නේ කදුලු මල් ගොඩක් පාර දෙපැත්තේ... නෙලා ගන්න එපා මගේ මල් පුංචී කුමාරියේ සිනා මල් ගොඩක් නෑ කදුලු මල් ගොඩක් බලන්න ආසයි සෑන්දෑ බටහිර අහසේ ඉගිල්ලේන්නද මං කිරිල්ළියක වාගේ අම්මේ ඒ අහසේ සුළං කපොලු විදුලි අකුණු මන්දාරම් මේ විශ්වයෙ රටාව තව දූ නෑ දන්නේ සිනා මල් ගොඩක් නෑ කදුලු මල් ගොඩක් අහන්න ආසයි තුරැහිස කුරැළු ගී පිරේ අහුලා ගන්නද සවනට මිහිරි අම්මේ ගැයෙනා මුතු කැට පදවැල් සීරේන විට කදුලු ගලයි ඒ ගී උල්පත ගැන නෑ මගේ දු දන්නේ සිනා මල් ගොඩක්.......

Song Details

Sinhala Title
සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ
English Title
sina mal godak para
නර

Artist

නිර්මලා රණතුංග

View all songs →