කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී

kada mandiye dola ayine

Lyrics

කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී නැවතී බලනවා මොහොතක් කොහොම හරී කතා නැතිව හිටියත් ගොළු වෙලා අපී දාහක් දේ තිබේ කීමට බැරිව වැසී ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා සයුර මොටද දිය දෝතක් බොන්න බැරී ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී

Song Details

Sinhala Title
කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
English Title
kada mandiye dola ayine
නම

Artist

නන්දා මාලිනී

View all songs →

කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී (kada mandiye dola ayine) | Tediya Lyrics