Lyrics
කදුළු වැටුණු නෙත් පිටු අතරේ
ඔබේ නම පුරවනවා
අවසන් හුස්මට අරුතක් දෙන්නට
ඔබ ලංවෙනවා ... යලි ඈතට යනවා //
තව සිතැගි හංගන්නෙපා
බොරුවකට රවන්නෙපා
සදහටම සමුගන්න දා
යළි මාව සිහිවෙන්නෙපා
දුක හිතෙනා හීන මගේ
අදුරුයිද මේ තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැන දැනත් ඔබ ඈතක යනවා
හමුවීලා වෙන්වන්නේ
හැමදාම රිදවන්නේ
කවදාද හිමිවන්නේ
හිත තාම ගැස්සෙන්නේ
ඉගිකරනා දෑස මගේ
නුහුරුයිද මේ තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැන දැනත් ඔබ ඈතක යනවා
කදුළු වැටුණු නෙත්.......//
Song Details
- Sinhala Title
- කදුළු වැටුණු නෙත් පිටු අතරේ
- English Title
- kadulu wetunu
- Artist
- නදීර නෝනිස්
නන
Artist
නදීර නෝනිස්
View all songs →