දිනෙක රන් සළු පළදා

dineka ran salu

Lyrics

දිනෙක රන් සළු පළදා සඳ නැගි මේලාවෙන් පැමිණ ඔබ ගෙන යමි කුමරියේ පෙම් දෝලාවෙන් ඇසුරු කල කම්පන හා සැනසිලි පස මිතුරු ගෙවුණු යෞවන විය තනි නොතනියේ උන් අයුරු නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳලා පවුරු සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරු වියළි මග මහ වැලි කාන්තාර පසු කරවා පවස සන්සිඳවන ලෙස දිය උල්පත් හරවා පරව ගිලිහෙනතුරු සියොළඟ කලු සළු පොරවා ඔබය දිය යුතු හිස්වන විට දිවි විත පුරවා

Song Details

Sinhala Title
දිනෙක රන් සළු පළදා
English Title
dineka ran salu
මම

Artist

මිල්ටන් මල්ලවාරච්චි

View all songs →