Lyrics
අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත සිතිජයෙ
මැවෙන සෙවණැලි පෙම් රටා
නොයා ජීවන මං තලාවේ
ඈත දුරකට පියඹලා
සිනාසෙමු අපි සයුරු වෙරලේ
අහස සඳ සේ ලං වෙලා
පතා ආ ලෙස ඈත භවයේ
මෙමං තලයේ හමුවෙලා
රහස් මුමුණමු අපේ ලෝකේ
පෙම්වතුන් සේ එක්වෙලා
Song Details
- Sinhala Title
- අසා ඉමු අපි සුමුදු වැල්ලට
- English Title
- asa imu api sumudu wellata
- Artist
- සෝමසිරි මැදගෙදර
සම
Artist
සෝමසිරි මැදගෙදර
View all songs →