Lyrics
මසුරන්ට පොදි බැන්ද
රන්කාසි තිබුණාට
ගුණධර්මය අඳුරන්නේ නෑ අටලෝ දහම නාඳුනන
සංසාරෙ කල පවට
පින් දෙන්න කිසිවෙක්ට බෑ
කාසි ඇති දාට නැති නෑයො
ඕනෑ තරම්
නම්බු ගරු නාම සැනකිල්ල හිතනා තරම්
අපි එනදා අරන් ආවේ නෑ.
අපි යනදා අරන් යන්නේ නෑ.
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
සල්ලි පස්සේ දුවලා සමහරුන්ට හොඳටම හති
කටුස්සො වගේ වෙනස් වෙන්නේ හොඳටැති ගති
කාසි එද්දි මේ වගේ දේවල් වෙද්දි අඩි හයක් යට නම්
වැඩක් නෑ බං තේරෙද්දි
ඇතුවත් බැරි නැතුවත් බැරි කවුද මැව්වේ මේ සල්ලි
අල්ලෙ තියං නටවන දෙයියන්ගෙ මල්ලි
නමුත් කොල උණ පලියට නෑනෙ ගස් උඩ
එහෙම තිබ්බනං කැමති අය දාන්න අත් උඩ
සල්ලි තිබුණාට ගුණධර්ම රකිනා එවුන්
හුස්ම ගිය දාට සුර ලෝකේ වැජබෙයි යෙහෙත්
භව සංසාරේ පව් පිං ලෙසෙ
දුක සැප එන්නේ මේ ජීවිතේ
සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි සල්ලි සල්ලි දෙයියන්ගේ මල්ලි
මසුරන්ට පොදි බැන්ද
රන්කාසි තිබුණාට
ගුණධර්මය අඳුරන්නේ නෑ අටලෝ දහම නාඳුනන
සංසාරෙ කල පවට
පින් දෙන්න කිසිවෙක්ට බෑ//
Song Details
- Sinhala Title
- මසුරන්ට පොදි බැන්ද
- English Title
- masuranta podi benda
- Artist
- අනෙකුත් ගායකයන් - others
අග
Artist
අනෙකුත් ගායකයන් - others
View all songs →