Lyrics
හිම මීදුම් වළාකුලේ මගෙ වේදනා අරන් ගියේ
දෑසත් හඬවා වත මිලින වෙලා
මගෙ කඳුලැල් ඇයි ඔබ දෑස දරා
සොයා එන්න මට වරම් නැතේ
පුරහඳ පෑයු පින්බර මොහොතේ
සුරතල් පෑවා මැවී පෙනේ
ලං කරගන්නට මසිත හඬද්දී
මා සනසන්නට වෙර දැරුවා
ඔහු අත ගෙන ඔබ පිය මැන යද්දී
මගේ ලොවක මා තනිවූවා
අහිමි පෙමක් හමුවේ මා පැරදී
එනමුදු ඔබ අත වැරදි නැතේ
Song Details
- Sinhala Title
- හිම මීදුම් වළාකුලේ
- English Title
- hima meedum walakule
- Artist
- අතුල ශ්‍රී ගමගේ
අශ
Artist
අතුල ශ්‍රී ගමගේ
View all songs →