නිලට නිලේ නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට

nilata nile

Lyrics

නිලට නිලේ නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට සීත සදන උල්පත ඔබය... ඒ නිල් ජලකඳ මතුපිට අත්ලතබා හෙමි හෙමිහිට තාල නඟන රළ පෙල ඔබය.. නොසිදෙන පෙම් උල්පත ඔබය... බිඳෙනා පෙම් රළ පෙල ඔබය.. රතට රතේ පිපී වැනෙන නෙළාගන්න කියා කියන පුදුම හිතෙන හිත් මල ඔබය... ඒ හිත්මල සිඹ සනසන නටුමත කටු ඇති බව දැන සුවඳ විදින බඹරිදු ඔබය... පුදුම හිතෙන සිත්මල ඔබය.. සුවඳ විදින බඹරිදු ඔබය.. ගිරා නිලට පැසී දිලෙන නෙලා ගන්න කියා කියන නුරා ගොයම් යායම ඔබය.. ඒ නව ගොයමේ කිමිදෙන ළය නියරේ නිති ඇවිදින සරා සුවඳ මදනල ඔබය... නුරා ගොයම් යායම ඔබය... සරා සුවඳ මදනල ඔබය... නිලට නිලේ නිල් කැටේට...

Song Details

Sinhala Title
නිලට නිලේ නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට
English Title
nilata nile
උර

Artist

උරේශා රවිහාරි

View all songs →