Lyrics
වෙන කාගෙවත් වෙන්න මට හිතුනේම නෑ
තව කවුරුවත් හිතට එබිකම් කරල නෑ
අපි දැක්ක පෙම් හීන වෙනසක් වීල නෑ
තව කාටවත් මෙහෙම ආදරෙ හිතුනෙ නෑ
මිය යන්න පුළුවන්ද මා තනි කරන්
වළලන්න බෑ නේද අපෙ මතකයන්
මතකයිද අපි අපිට පෙම් කල හැටී
හැම සන්තකේ වටින ඔබටම දෙමින්
ළග උන්නු පිරිවරම වින කළ හැටී
ඒ වෙද්දි ඔබ හරිම ඉක්මන් වැඩී
මිය යන්න පුළුවන්ද...
ආවාට අත ගන්න රජ සිටුවරූ
හිත තිබුනෙ ඔබ ගාවමයි නිරතුරූ
එක් වෙන්න බැරි පිං මදිව මා කෙරූ
පාරයි මගේ හුස්ම මියෙනා තුරූ
Song Details
- Sinhala Title
- වෙන කාගෙවත් වෙන්න මට හිතුනේම නෑ
- English Title
- wena kagewath wenna
- Artist
- අයෝමි පෙරේරා
අප
Artist
අයෝමි පෙරේරා
View all songs →