අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා

amme oba mathu budu

Lyrics

අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා.. ආයෙත් මං උපදින හන්දා.. මගෙම වෙන්න අම්මා.. අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා.. යස ඉසුරට ලොභ බැද ලංවුන අඟනුන් ඇයි අම්මේ මට පිටුපාලා ගියේ... ලෙඩ දුක් කරදර මා වටක‍රගෙන ඒත්මගේ අම්මා මගේ ලගම උන්නා... අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා... මහළු මඩම් මොකටද මගෙ අම්මට මමම සුවය දෙන්නම්... ඔබගෙ ලඟම ඉන්නම්... මේ භවයෙදි පැතුම් පතන්නේ මතු භ‍වයේ අම්මේ...ඔබේම පුතු ‍වෙන්නයි.. අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා.. ආයෙත් මං උපදින හන්දා.. මගෙම වෙන්න අම්මා.. මේ සස‍රෙදිත් ඔබයි මගෙ අම්මා මතු සසරේදිත් ඔබයි මගෙ අම්මා...//

Song Details

Sinhala Title
අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා
English Title
amme oba mathu budu
සව

Artist

සංගීත් විජේසූරිය

View all songs →