සුභාෂිණී ඔබ මගේ නමට එවු

subashini oba mage namata

Lyrics

සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණා මනාලියක වී සුභ නැකතින් හෙට යන බව එහි තිබුණා ඊයේ වන තුරු මට පෙම් බැන්දේ ඔබදැයි සැක සිතුණා ඔබේ චපලකම හඳුණාගන්නට සිව් වසරක් ගෙවුණා යාළු මිතුරු කැල ඔබ ගැන කී දෙය ගැන නෑ මා සිතුවේ පාළු සිතට මගෙ එළියක් ඔබගෙන් ලැබගන්නයි පැතුවේ ලෝකය එරෙහිව ආවත් මා හැර නොයන බවයි කීවේ ප්‍රේමය පිවිතුරු බව පෙම් හසුනක ඔබමයි මට ලීවේ සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණා මනාලියක වී සුභ නැකතින් හෙට යන බව එහි තිබුණා මංගල දිනයට ඇරයුම් කෙරුවත් කෙළෙසද මා එන්නේ පෙම් කල සිතකට වෛර කරන්නට සිත නෑ ඉඩ දෙන්නේ සිතට වහල් වී මා හැර යන මුත් නෑ දොස් පවරන්නේ ඔබ වැනි ළඳකට පෙම් කල මා ගැන මම අද දුක්වෙන්නේ සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණා මනාලියක වී සුභ නැකතින් හෙට යන බව එහි තිබුණා ඊයේ වන තුරු මට පෙම් බැන්දේ ඔබදැයි සැක සිතුණා ඔබේ චපලකම හඳුණාගන්නට සිව් වසරක් ගෙවුණා

Song Details

Sinhala Title
සුභාෂිණී ඔබ මගේ නමට එවු
English Title
subashini oba mage namata
පස

Artist

පුන්සිරි සොයිසා

View all songs →